Gossips

උතුරට මත්ද්‍රව්‍ය එන්නේ දකුණෙන් බවට විජයකලාගෙන් ප්‍රකාශයක්

උතුර පළාතට වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය පැමිණෙන්නේ දකුණෙන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේස්වරන් පවසනවා.
කිලිනොච්චිය ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකදී ඇය මේ බව කියා සිටියා.
පසුගිය මාස කිහිපය තුළ උතුරු – නැගෙනහිර ප්‍රදේශවල හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, මුහුදු මාර්ගයෙන් ද උතුරු පළාතට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ සිද්ධීන් කිහිපයක්ම වාර්තා වුණා.
කෙසේ වෙතත්, නීතිය සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ උතුරේ ජනතාව වැඩි වශයෙන් ඇබ්බැහි වී ඇත්තේ බලපත්‍රලාභී මත්පැන් සඳහා බවයි.
‘‘තරුණ තරුණියන්ගෙන් විශාල පිරිසක් මත්ද්‍රව්‍ය වලට දැන් ඇබ්බැහි වෙලයි ඉන්නේ. ඇත්තටම කිව්වොත් දකුණෙ ඉදලා තමයි උතුරු නැගෙනහිරට මේ මත්ද්‍රව්‍ය එන්නේ. එයිනුත් වැඩිපුර එන්නේ උතුරට.ඒකයි යාපනේ ගොඩක් මත්ද්‍රව්‍ය තියෙන්නේ. කේරළ ගංජා එහෙම මාදගල් ප්‍රදේශයේ ඉදලා තමයි මෙහාට එන්නේ. මේව කරන්නේ දේශපාලනඥයින්. ඔවුන්ගේ වාහනවල තමයි මේවා ප්‍රවාහනය කරවන්නේ. මේ මත්ද්‍රව්‍ය නිසා තමයි යාපනේ තරුණයින් කඩු අරගන මැර ක්‍රියාවන්වල යෙදෙන්නෙත්. ඒ නිසා ජනතාවත් පීඩාවට පත්වෙනවා. කවුද මේවට වගකියන්නේ. යහපාලනේ කිව්වට මේ සේරම දේවල් සිද්ධ වෙනවා.’’