Gossips

උතුරට නව මහ ඇමතිවරයෙක්

උතුරු පළාත් වැඩ බලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් අද (11) දිවුරුම් දෙනු ලැබුවා.
උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මෙලෙස දිවුරුම් දීම සිදුවූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
කන්දයියා සර්වේස්වරන් උතුරු පලාතේ වැඩ බලන මහ ඇමතිවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබුවේ උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශවරන් දින 14 කට විදේශ ගත වීම හේතුවෙන්.