Gossips

උතුරට දෙමල ආණ්ඩුකාරවරයෙකු පත්කිරීම ගැන, විග්නේෂ්වරන් සතුටින්

දෙමළ ජනතාවගේ ගැටළු විසදීම සඳහා දෙමළ ජාතික ආණ්ඩුකාරවරයෙකු පත් කිරීම පිළිබඳ තමන් සතුටට පත්වන බව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ආචාර්ය සුරේන් රාඝවන් උතුර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීම පිළිබද නිවේදනයක් නිකුත් කරමින්.
මෙමගින් සී.වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කළේ උතුරේ ජනතාවගේ ගැටළු හඳුනාගත හැක්කේ ඒ පිළිබදව අවබෝධයක් ඇති පුද්ගලයෙකුට පමණක් බවයි.
ඉතිහාසයේ පළමුවරට මෙලෙස දෙමළ නියෝජිතයෙකු උතුර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීම තුළින් එම ජනතාවගේ ගැටළු හඳුනා ගැනීම වඩාත් විධිමත්ව සිදුවනු ඇති බවයි ඔහු පවසා ඇත්තේ.
කෙසේ වෙතත්, ගැටළුවලට විසදුම් ලබාදීමේදී ස්වාධීනව කටයුතු කිරිමේ බලය ආණ්ඩුකාරවරයාට ලබාදෙනු ඇත්ද යන්න පිළිබදව සැකයක් පවතින බව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මෙම නිවේදනය මඟින් තවදුරටත් පෙන්වා දෙනවා.
මේ අතර, උතුර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කළ ආචාර්ය සුරේන් රාඝවන් යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී අද පෙරවරුවේ සිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස පත් කළ අසාද් සාලි ද සිය රාජකාරී කටයුතු අද පෙරවරුවේ ආරම්භ කරනු ලැබුවා.