Gossips

උතුරට දුම්රිය මාර්ගයක් තනන්න දකුණු කොරියාවට අවසර

උතුරු කොරියාව සහ දකුණු කොරියාව සම්බන්ධ කරමින් නව දුම්රිය මාර්ග ව්‍යාපෘතියක් ක්‍රියාත්ම කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අවසර ලබාදී තිබෙනවා.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන් හේතුවෙන් එරටට එරෙහිව ජගත් සංවිධාන සම්බාධක ක්‍රියාත්මකයි.
මේ නිසා උතුරු කොරියාව හා සම්බන්ධ ව්‍යාපෘතිවලට ජගත් සංවිධානයේ අවසරය ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්.
කොරියානු අර්ධද්වීපය සම්බන්ධ කරන දුම්රිය මාර්ගය 1950 සිට 53 දක්වා පැවති කොරියානු යුද්ධයෙන් පසු ක්‍රියාත්මක වන්නේ නැහැ.
එහෙත් පසුගිය ඔක්තෝම්බරයේ උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ. ඉන් අතර පැවති සාකච්ඡාවලදී එම දුම්රිය ව්‍යාපෘතිය යළි පණ ගැන්වීමට එකඟත්වයක් ඇති කර ගනු ලැබුවා.