Gossips

උත්සව සමයේ සුරාබදු දෙපාර්තමේන්තුව 3213 දෙනෙකු අත්අඩංගුවට ගනී

උත්සව සමයේ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මධ්‍යසාර නිපදවීමට උපයෝගී කරගන්නා උපකරණ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී සැකකරුවන් 3213 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රසිද්ධ ස්ථානවල දුම් පානය කළ පුද්ගලයින් 114 දෙනෙකු සහ බාලවයස්කරුවන්ට දුම්වැටි අලෙවි කළ 24 දෙනෙකුද අත්අඩංගුවට ගත් පිරිසට අයත්.