Gossips

උත්සව සමයේ ලංගමයට මිලියන 100ක දෛනික ආදායමක්

අලූත් අවුරුදු සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම මිලියන 100 ඉක්මවා ඇති බව එහි සභාපති උපාලි මාරසිංහ ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ සාමාන්‍යයෙන් ලංගමයේ දෛනික ආදායම මිලියන 80ක් බවයි.
මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක කියා සිටියේ මෙම දින කිහිපය තුළ අධිවේගී මාර්ගය තුළ දෛනිකව එක්ලක්ෂ 20,000ක් පමණ ගමන් කරන බවයි.