උත්සව සමයේ දුම්රියෙන් සිය ගමන් අවශ්‍යතා සපුරා ගන්නා මගීන් දුම්රිය ස්ථාන ආශ්‍රිතව සැරිසරන සංවිධානාත්මක ගැට කපන්නන් පිළිබදව වැඩි අවධානයක් යොමුකළ යුතු බව දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න පවසනවා.
ඔහු කියා සිටියේ විශේෂයෙන් කොළඹ – කොටුව, මරදාන, ගම්පහ සහ රාගම දුම්රිය ස්ථාන ආශ්‍රිතව මෙවර උත්සව සමයේ මගීන් විශාල පිරිසක් සැරිසරන බැවින් ගැට කපන්නන්ගේ අවදානමට ලක්විය හැකි බවයි.
ඊට අදාළව මෙහෙයුම් සිදුකිරීම සදහා දුම්රිය ආරක්ෂක නිලධාරින් මේ වනවිට යොදවා ඇති බව ද ඔහු සදහන් කළා.
එමෙන්ම මගීන් පාපුවරුවල ගමන් ගැනීමෙන් වැළකිය යුතු බවද ඔහු සඳහන් කළා.