උත්සව සමයේ මහජනතාවගේ ආරක්ෂාව සහ රථ වාහන පාලනය සඳහා කොළඹ නගරය තුළ පමණක් පොලිස් නිලධාරීන් 2000කට අධික පිරිසක් යොදවන බව පොලිස් මූලස්ථානය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මූලස්ථානය සඳහන් කළේ හෙට සිට මෙම පොලිස් නිලධාරීන් රාජකාරී සඳහා අනුයුක්ත කරන බවයි. සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ද, ගැට කපන්නන් සහ වෙනත් වංචා සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට සිට යෙදවීමට නියමිතයි.
එමෙන්ම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ද හෙට සිට විශේෂ වැඩපිළිවෙලක් ක්රියාත්මක කරන බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.