මෙවර උත්සව සමයේ මහජන ආරක්ෂාව සහ රථ වාහන පාලනයට නිලධාරීන් 2400ක් යොදවා ඇතැයි පොලිසිය පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සිවිල් ඇඳුමින් ද නිලධාරීන් යොදවා ඇති බවයි.
වංචනික වෙළඳුන් මෙන්ම ගැට කපන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුනු එම නිලධාරීන් කටයුතු කරනු ඇති බව රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.
