Gossips

උත්සව සමයේ අධිවේගයේ යන වාහන ඉහළ යන ලකුණු

එළඹෙන උත්සව සමයේ අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන රථවාහන සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක පවසනවා.
ඔහු කියා සිටියේ දිනකට මේ වනවිට මෙලෙස රථවාහන 70,000 ක් පමණ අධිවේගී මාර්ගවල ධාවනය වන බවයි.
උත්සව සමයත් සමඟ එය එක්ලක්ෂ විසි දහස දක්වා ඉහළ යනු ඇති බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම, උත්සව සමයේ ජනතාවගේ ප්‍රවාහන පහසුකම් ප්‍රමාදයකින් තොරව සිදුකරගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අංශ පවසනවා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති, ඉංජිනේරු එච්. හේමචන්ද්‍ර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අවහිරයකින් තොරව ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා එළඹෙන 20 වනදා සිට වැඩිපුර බස් රථ ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන්ද යෙදවීමට බලාපොරොත්තු වන බවයි.
මේ අතර, උත්සව සමය නිමිත්තෙන් අද සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි විශේෂ වැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.
දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශ 1760ක දී මෙම විශේෂ වැටලීම් වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි එම සංගමයේ ලේකම් බී.එම්.එම්. බාලසූරිය කියා සිටියේ.
උත්සව සමයේ මහජනතාවගේ ආරක්ෂාව සහ රථ වාහන පාලනය සඳහා කොළඹ නගරය තුළ පමණක් පොලිස් නිලධාරීන් 2000කට අධික පිරිසක් යොදවන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.
ඒ අනුව සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ද, ගැට කපන්නන් සහ වෙනත් වංචා සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා යොදවා තිබෙනවා.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ද මේ වනවිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.
පමණක් පොලිස් නිලධාරීන් 2000කට අධික පිරිසක් යොදවන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.
ඒ අනුව සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ද, ගැට කපන්නන් සහ වෙනත් වංචා සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා යොදවා තිබෙනවා.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ද මේ වනවිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.