උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය, මුරුගණ්ඩි ප්‍රදේශයේදී ගව රැළක් දුම්රියක ගැටීමෙන් අනතුරට ලක්වූ පුවතක් වාර්තා වනවා.
මෙම අනතුරෙන් ගවයින් 27 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අප වාර්තාකරු පැවසුවේ ඊයේ (31) රාත්‍රියේ කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ උත්තර දේවි දුම්රියේ මෙම ගවයින් ගැටී ඇති බවයි.
මේ දිනවල කිලිනොච්චියට බලපෑ ගංවතුර හේතුවෙන් බොහෝ සතුන් එම ප්‍රදේශ වල මාර්ග සහ දුම්රිය මාර්ගයන්හි රැඳී සිටින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
මෙලෙස දුම්රියේ ගැටී ඇත්තේ එලෙස දුම්රිය මාර්ගයේ රැඳී සිටි ගව රැළක්.
