Gossips

උණ රෝගය වැළඳී රෝහලට ගිය දැරියක් දරුවෙකු ප්‍රසූත කරයි

උණ රෝගය වැළඳී ඇති බවට පවසමින් බදුල්ල මහරෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි 15 හැවිරිදි දැරියක් දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා.
බදුල්ල නගරයට නුදුරු පාසලක ඉගෙනුම ලබන මෙම දැරිය උණ බව පවසමින් සිය මව සමඟ ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පසුව ඇය පරීක්ෂා කළ වෛද්‍යවරු ඇය ගැබිණියක් බව හදුනාගෙන ගැබිණි වාට්ටුවකට ඇතුලත් කර ඇති අතර ඉන් අනතුරුවයි මෙලෙස දරුවෙකු ප්‍රසූත කර ඇත්තේ.
මෙම දැරිය ගැබිණියක් කළ 21 හැවිරිදි ඥාති තරුණයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.