Gossips

උණු වතුර පානය කරන්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි

හදිසි ගං වතුර ආපදා තත්ත්වය හමුවේ බෝවන රෝග වළක්වා ගැනීමට ජනතාව අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන සඳහන් කළේ පාචනය වැනි රෝග ඇතිවීම වළක්වා ගැනීම සඳහා ජලය උණුකර නිවා පානය කළ යුතු බවයි.
මීට අමතරව අයහපත් කාලගුණත් සමඟ ශ්වසන ආබාධ සහ මී උණ රෝගයට ගොදුරු වීමේ අවදානම පිළිබද සැලකිලිමත් වන ලෙස ද ඇය දැනුම් දුන්නා.