Gossips

උණුසුම සමඟ කේක් වල ප්‍රමිතිය ගැන ගැටළුවක්

එළඹෙන උත්සව සමය හේතුවෙන් දැඩි අව්රශ්මියට නිරාවරණය වන ආකාරයෙන් අලෙවිය සඳහා සුදානම් කර තිබෙන කේක්වල ප්‍රමිතිය පිළිබඳ ගැටළුවක් මතුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා.
කිරි ආශ්‍රිතව නිෂ්පාදනය කරන කේක් වර්ග පවතින දැඩි උණුසුම හේතුවෙන් කල් ඉකුත්වීමේ දිනයට පෙර දිලීර හටගත හැකි බවයි ඔවුන් සඳහන් කළේ.
එම නිසා සිසිල් මෙන්ම වියළි ස්ථානයක කේක් අසුරා තබන ලෙසට වෙළඳසැල් හිමියන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.
පවතින අධික උණුසුම හේතුවෙන් උත්සව සමය වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී එහි ප්‍රමිතිය පිළිබඳ සොයා බලා මිලදී ගැනීම් සිදු කරන ලෙසටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පාරිභෝගිකයන්ට දැනුම් දෙන්නේ.