Gossips

උණුසුම වළක්වා ගන්නා හැටි ගැන ජනතාවට උපදෙසක්

දිවයිනට බලපෑ උණුසුම්කාරී කාලගුණ තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
අද (06) සිට ලබන 08 වනදා දක්වා වයඹ පළාතේත්, ගම්පහ, මන්නාරම, වව්නියාව, මුලතිව්, අනුරාධපුරය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් මෙම තත්ත්වය ඇති විය හැකි බවයි.
ලබන 05 වනදා සිට 15 වනදා දක්වා දිවයිනට හිරු මුදුන් වීමත් මෙම කාලගුණ තත්ත්වයට එක් හේතුවක්.
අද අහුන්ගල්ල, කැටවල යන ප්‍රදේශ වලට හිරු මුදුන් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අද පෙරවරු 8.30 අවසන් වු ගෙවුණු පැය 24 ක කාලසීමාව තුළ වව්නයාව සහ අනුරාධපුරය දිස්ත්‍රික්ක වලින් සෙල්සියස් අංශක 37 ඉක්මවූ, උණුසුම් කාලගුණයක් වාර්තා වුණා.
මෙම උණුසුම් කාලගුණයත් සමඟම ‘‘ඉන්ෆ්ලූවෙන්සා – ඒ’’ සහ චර්ම රෝග මෙන්ම, වෛරස් රෝග බෝවීමේ හැකියාවක් පවතින බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
එම නිසා මෙම රෝග වලින් ආරක්ෂා විම සඳහා අව් රශ්මිය දැඩිව පවතින ස්ථාන වලින් ඉවත්ව සිටීම සහ වැඩිපුර ජලය පානය කරන ලෙසයි අපදා කළමණාකරණ අමාත්‍යංශයේ සෞඛ්‍ය අංශ ප්‍රධානි වෛද්‍ය හේමන්ත හේරත් ඊයේ එම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.