Gossips

උණුසුම ඉහළ යාමෙන් ළමයින් විජලනයට ලක්වීමේ අවදානමක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් විජලනය වීමෙන් වළක්වා ගැනීම සදහා දිනකට දෙතුන් වරක් නැහැවීම සුදුසු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
ඔහු කියා සිටියේ වැඩිහිටියන් ද වැඩි වශයෙන් ජලය පානය කළ යුතු බවයි.
ඉර මුදුන්වීම හේතුවෙන් පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවල දහවල් කාලයේ විශාල උණුසුමක් පැවතීම හේතුවෙන් රෝග ලක්ෂණ කිහිපයක් මතුවිය හැකි බැවින් ළමයින් විජලනය වීම, ළමා හතිය, හිසරදය, වමනය, ඇඟ පත රුදාව වැනි රෝග ලක්ෂණ දැකිය හැකි බව ද වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළා.
එබැවින් නිතර ජලය පානය කිරීමත්, කිහිපවරක් ස්නානය කිරීම සුදුසු බවයි වෛද්‍යවරයා පෙන්වා දුන්නේ.