Gossips

උණුසුම් වූ මිරිස්ස

වෙරළ සංරක්ෂණ අධිකාරියේ මැදිහත්වීමෙන් ඉවත් කෙරුණු මාතර – මිරිස්ස ප්‍රදේශයේ වෙරළාශ්‍රිත ඉදිකිරීම්වල සුන්බුන්වලට කිසියම් පිරිසක් ඊයේ (11) රාත්‍රී ගිනිතබා තිබෙනවා.
අනවසර ඉදිකිරීම් යැයි පවසා අදාළ ඉදිකිරීම් ඉවත්කරන විට එහි හිමිකරුවන් විරෝධය පල කිරීමත් සමඟ ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.
මාතර – මිරිස්ස වෙරළාශ්‍රිතව අනවසර යැයි හඳුනාගත් හෝටල් ඇතුළු ඉදිකිරීම් කිහිපයක් ඉවත් කිරීම සඳහා වෙරළ සංරක්ෂණ අධිකාරිය ඊයේ කටයුතු කළේ පොලිසියේද සහය ඇතිවයි.
කෙසේ වෙතත් අදාළ ඉදිකිරීම් නීත්‍යනුකූල බව පවසමින් හිමිකරුවන් ඉදිකරීම් ඉවත් කිරීමට එරෙහිව පොලිසියට විරෝධය පල කළා.