Gossips

උණුසුම් වූ තරඟය මැද ප්‍රේක්ෂකාගාරය හිනැස්සූ ඩිවිලියස් සහ ඇන්ඩර්සන්ගේ කඩුලු අතර දිවිල්ල

බැංගලෝර් පිල සහ දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් පිල අතර බැංගලෝර්හි චෙන්නස්වාමි ක්‍රීඩාංගනයේ ඊයේ (21) පැවති තරඟය සුවිශේෂී සිදුවීම් ගණනාවක් සිදුවූ තරඟයක් බවට පත් වුණා.
මෙම තරඟය රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම ජය ගත්තේ කඩුලු 06කින්.
තරඟයේ බැංගලෝර් පිළිතුරු ඉනිමේ 16 වන පන්දුවාරයේ පන්දුවට පහරදෙමින් සිටි ඒ.බී. ඩිවිලියස් සහ කොරේ ඇන්ඩර්සන් ලකුණක් ලබාගැනීමට යාමේදී දුවද්දී දවා ගැනීමේ අවස්ථාවකට පහසුවෙන් හසුකර ගැනීමට තිබූ අවස්ථාව දිල්ලි පන්දු රකින්නන්ට අවාසනාවන්ත ලෙස ගිලිහී යනවා.
එම අවස්ථාවේ පන්දුවට පහරදුන් ඒ.බී. ඩිවිලියස් ලකුණක් ලබා ගැනීමේ අරමුණින් අනෙක් අන්තයේ සිට දිව එන කොරේ ඇන්ඩර්සන්ට ආපසු හැරී යන ලෙස සංඥා කරනවා.
අනතුරුව ඇන්ඩර්සන්ට ආපසු හැරී තමා සිටි අන්තයට දිව යන අතර අනෙක් අන්තයේ සිට ආපසු හැරී යන ලෙස ඇන්ඩර්සන්ට සංඥා කළ ඩිවිලියස් ඇන්ඩර්සන් පසුකර දිව යන්නේ ලකුණක් එක්කර ගැනීමේ අරමුණින්.
කෙසේ වෙතත් පිතිකරුවන් දෙදෙනාම පන්දු යවන අන්තයේ ග්‍රීසය අසලටම දිවගොස් තිබූ අතර ඇන්ඩර්සන් අපසු හැරී පන්දුවට පහරදෙන අන්තය වෙත දිවයනවා.
ඩිවිලියස් එල්ල කළ පන්දු පහර රැකගෙන නිසි ආකාරයෙන් පන්දු යවන්නා වෙත යොමු කිරීමට පන්දුව රැකගත් ගෞතම් ගාම්භීර් අපොහොසත් වන අතර ඒ හේතුවෙන් පහසුවෙන් දුවද්දී දවා ගැනීමට තිබූ අවස්ථාවක් දිල්ලි පිලට මඟ හැරී යන්නේ අවාසනාවන්ත ලෙසයි.
කෙසේ වෙතත් එම සිදුවීම දිල්ලි ක්‍රීඩකයින්ට අවාසනාවන්ත සිදුවීමක් වුවත් ඩිවිලියස් සහ ඇන්ඩර්සන් අතර සිදුවූ පැටලවිලි සහගත සිදුවීම තරඟ නරඹන්නන්ට සහ බැංගලෝර් ක්‍රීඩකයිගේ මුවගට සිනහවක් එක්කළ සිදුවීමක් වුණා.
එම අවස්ථාව පහතින්.
rnrnrnrnrnrnrnrnrnrn