Gossips

උණුසුම් වූ ගෝලීය දෙමළ සංසදයේ සැසිය

මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයට සමාන්තර සැසියක් ගෝලීය දෙමළ සංසදය සංවිධානය කර තිබුණා.
එය නම් කර තිබුණේ දෙමළ කතාකරන මුස්ලිම් ජනතාවට එරෙහිව ශ්‍රී ලංකාව තුළ එල්ලවන ප්‍රහාර මැයෙන්
කෙසේ වෙතත් එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වුණේ එම සැසියට සහභාගි වූ ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය දෙමළ ඩයස්පෝරාව ඉදිරිපත් කළ කරුණු අභියෝගයට ලක් කිරීම හේතුවෙන්.
– පෝල් නිවුමන් – දෙමළ ඩයස්පෝරා නියෝජිත
– 1881 වර්ෂයේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය සියයට 3 ක් පමණයි. දෙමළ ජනගහනය 66%ක්. වසර 100 කට පසුව සමීක්ෂණ ඉතා පැහැදිලිව කියනවා සිංහල ජනගහනය සියයට 3 ඉඳන් සියයට 33 දක්වා වැඩි වු බව.
– ආචාර්ය නාලක ගොඩහේවා
– මම දන්නේ නැහැ ඔබට මතකද කියලා 1990 දී කාන්තන්කුඩිවල මුස්ලිම් පුද්ගලයින් 147 ක් ඔවුන්ගේ දේවස්ථානයක් තුළ ඝාතනය කළා. ඔවුන් යාඥා කරමින් සිටියදී. එහෙම තමයි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මුස්ලිම් ජනතාවට සැලකුවේ. ඔබ කිව්වා වසර 100 කට පෙර ත්‍රිකුණාමලයේ තිබූ සිංහල ජනගහනය සියයට 3 ඉඳන් වැඩි වුණා කියලා. එතකොට වැල්ලවත්ත ගැන ඔබ මොකද කියන්නේ. වසර 100 කට පෙර එහි දෙමළ ජනතාව සිටියේ සියයට 1 යි. අද සියයට 80 ටත් වඩා වැඩියි. එහෙම වෙලා තියෙන්නේ ඔබ සිංහල, මුස්ලිම් හෝ දෙමළ වුවත් අපේ රටේ ඕනෑම තැනක ජීවත්වීමේ හැකියාව තියෙන නිසා.
විවාදාත්මක තත්ත්වය හමුවේ සැසිය අතරමග නැවතුණු අතර මුලසුනේ සිටි එක්සත් ජාතීන්ගේ ස්වාධීන විශේෂඥයෙකුවන මානව හිමිකම් පිළිබඳ නීතීඥ ද සායර්ස් ශ්‍රී ලාංකීය ගෝලීය සංසදයේ නියෝජිතයින් සිටි ස්ථානයට පැමිණ තොරතුරු ලබාගන්නා ආකාරය දක්නට ලැබුණා.