Gossips

උණුසුම් කාලගුණය වෙනසක්

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය මේ වනවිට ස්ථාපිත වී ඇති බැවින් දිවයිනේ දකුණු අර්ධයට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ වැසි සමඟ අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.
වැසි ලැබීමත් සමඟ දැනට පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පහව යනු ඇති බවද වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළා.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ලැබුණද වියලි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 9 කට තවදුරටත් බලපෑම් එල්ලවී තිබෙනවා.
පුත්තලම, කුරුණෑගල, නුවරඑළිය, අනුරාධපුරය, පොළොන්නරුව, මන්නරාම, මුලතිව්, වවුනියාව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙලෙස බලපෑම් එල්ලවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
එම දිස්ත්‍රික්කවල පවුල් එක්ලක්ෂ 34,165 කට අයත් පුද්ගලයින් හාරලක්ෂ 36,658 ක් එමඟින් පීඩාවට පත්ව ඇති අතර, ඉන් වැඩිම සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන්.
එම සංඛ්‍යාව දෙලක්ෂ 16,670 ක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.