Gossips

උණ්ඩ 3000ක් සමඟ 4 දෙනෙකු අත්අඩංගුවට

ටී – 56 උණ්ඩ 3000කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රවාහනය කරමින් සිටි 4 දෙනෙකු සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී පොලීසිය අද දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පාතාල කල්ලි නායක කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු වන ලද්දු රොෂාන් නැමැත්තා ද මේ අතර වන බවයි.
සිර දඬුවම් ලබා දැනට ගාල්ල බන්ධනාගාරයේ රදවා සිටින ජයලත් සුද්දාගේ අනුදැනුම මත මෙම උණ්ඩ ප්‍රවාහනය කර ඇති බව ද දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.