මුලතිව් – පුදුකුඩිඉරිප්පු – සුදන්තිරපුරම් රක්ෂිත ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වළ දමා තිබූ උණ්ඩ 2250 ක් සහ බෝම්බ ඇතුලු යුධෝපකරණ රැසක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා.
පසුගිය දින 2 තුළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී සොයාගත් මෙම යුධෝපකරණ අතර කාලතුවක්කු උණ්ඩ 6ක්, ආර්.පී.ජී. උණ්ඩ 3ක්, අත්බෝම්බ දෙකක්, මිලිමීටර හතළිහේ මෝටාර් උණ්ඩයක්, පුද්ගල නාශක බෝම්බයක් සහ මිලිමීටර් 120 මෝටාර් උණ්ඩයක්ද වන බවයි පොලිසිය කියා සිටියේ.
කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ගොඩගත් මෙම යුධෝපකරණ තොගය නිශ්ක්‍රිය කිරීම සඳහා මුලතිව් අධිකරණය මගින් නියෝගයක්ද ගනු ලැබුවා.
ඒ අනුවයි ඊයේ දිනයේදී මෙම යුධෝපකරණ තොගය නිශ්ක්‍රිය කිරීමේ කටයුතු සිදු කෙරුණේ.
ඡායාරූප – වවුනියාව, රොමේෂ් මධුසංක
