Gossips

උණ්ඩ තොගයක් සමඟ සැකකරුවෙකු දැලේ

ජීව උණ්ඩ තම නිවසේ තබාගත් විශ්‍රාමික යුධ හමුදා බලලත් නිලධාරියෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී සැකකරු සතුව තිබී පොයින්ට් 22 උණ්ඩ 810ක්, මිලිමීටර් 9 උණ්ඩ 330, ටී 56 උණ්ඩ 09ක්, පිස්තෝල මැගසින් එකක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි ගොඩගම මීගොඩ ප්‍රදෙශයේ පදිංචි පුද්ගලයෙක්.
සැකකරු අද (07) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මීගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.