සියඹලාන්ඩුව ප්‍රදේශයේදී ටී-56 වර්ගයේ උණ්ඩ 3000 ක් සහ තවත් පතොරම් තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරියෙකු ඇතුළු සෙබළුන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පදවි – පරාක්‍රමපුර යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මේජර්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනා එම කඳවුරේම සේවය කරන 29 හැවිරිදි ලාන්ස් ක්‍රෝපල්වරයෙකු සහ 20 හැවිරිදි හමුදා සෙබලෙකු බව සඳහන්.
එමෙන්ම, මේජර්වරයා රැඳී සිටි යුද හමුදා නිවස්නය පිටුපස කැලෑබද ප්‍රදේශයේ තිබී පතොරම් බහාලා තිබූ පෙට්ටි 04 ක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා.
වෑන් රථයකින් මෙම උණ්ඩ ප්‍රවාහනය කරමින් සිටියදී පසුගිය ඉරිදා අත්අඩංගුවට පත්වූ අතර, එහි සිටි පාතාල නායක කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු වන ලද්දු රොෂාන් ඇතුළු සැකකරුවන් 4 දෙනෙකුද පොලිස් භාරයට ගැනුණා.
