Gossips

උඩුවේ ධම්මාලෝක හිමියන් අධිකරයෙන් ඉවතට පැමිණ රටටම කී කතාව

අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ නඩුවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් නිදහස්
නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගත් බව කියන සිද්ධියට අදාළ චෝදනාවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න නියෝග කළේ අදාළ අලි පැටවා වනජිවි දෙපාර්තමේන්තුවට භාර දීමට පියවර ගන්නා ලෙසයි.
2015 වසරේ ජනවාරි මස 28 වනදා හෝ ඊට ආසන්න දිනකදී කිරුලපන ඇලන් මැතිණියාරාම විහාරස්ථානයේ ලියාපදිංචි නොකළ අලි පැටවකු තබාගෙන සිටීම තුලින් සත්ව හා වෘක්ෂලතා ආඥාපනත මෙන්ම පොදු දේපල පනතට ගැණෙන අධි චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණා.