Gossips

උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැය උණුසුම් වෙයි

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩු නුවර ප්‍රාදේශීය සභාවේ ඊයේ පැවති අයවැය ඡන්ද විමසීමේදී නොසන්සුන් තත්ත්වයක් හට ගත්තා.
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන්.
කෙසේ වෙතත්, අයවැය ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂය සමත් වුණා.
මෙහිදී එම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ද ඡන්දය භාවිත කර තිබුණේ අයවැයට පක්ෂවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.
මෙහිදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් හිටපු සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට දැඩි විරෝධය පළ කළ අතර, එහිදී පහරකෑමට ලක්වූ ඔහු මේ වන විට මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලබනවා.