Gossips

උඩුගම්පළ ගිනි ගත් බස් රථයක, පිළිස්සුණු කාන්තා මළ සිරුරක්

ගම්පහ – උඩුගම්පල – කෙසෙල්බද්දර ප්‍රදේශයේ නිවසක නවතා තිබූ බස් රථයක හටගත් ගින්නක් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගම්පහ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ අදාළ ගින්න, ගිනි නිවීමේ රථයක් යොදා මැඬ පැවැත්වූ බවයි.
ගින්නෙන් නිවසටද හානි සිදුව ඇති බව සඳහන්.
මියගිය කාන්තාවගේ සැමියා නිවසේ නොසිටි අවස්ථාවේ මෙම ගින්න හටගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.
කෙසේ වෙතත් බස් රථය සහ නිවසේ කොටසක හටගත් මෙම ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට හැකිවූ බවයි ගම්පහ ගිනි නීවීම් සේවා දෙපාර්තමේන්තුවේ කාර්යභාර නිලධාරී ජී.කේ.එස්. බුද්ධික සඳහන් කළේ.