Gossips

උඩවලව රක්ෂිතයේ වෙඩි තැබීමක් – දඩයක්කරුවෙකුට තුවාල

උඩවලව රක්ෂිතය තුළ දී අද අළුයම පොලිස් විශේෂ කාර්ය බලකාය සහ දඩයමේ පැමිණි දෙදෙනෙකු අතර ඇති වූ වෙඩි හුවමාරුවකදී දඩයක්කරුවෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඊට අමතරව ටී 56 ගිනි අවියක්, මැගසින් එකක් සහ උණ්ඩ කිහිපයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන තිබෙනවා.