ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු 5 ම අද පෙරවරු 10ට විවෘත කරන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසනවා.
ඒ අනුව තත්පරයට ඝන අඩි 6000ක් වලවේ ගඟට මුදාහැරෙන බවයි උඩවලව ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු සුජීව ගුණසේකර කියා සිටියේ.
එබැවින් වළවේ ගඟ පහළ ජනතාව සහ අම්බලන්තොට ප්‍රදේශයේ ගඟ භාවිත කරන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
