අධික වර්ෂාව හේතුවෙන් උඩවලව ජලාශයේ විවෘත කෙරුණු වාන්දොරටු 3 න් වාන්දොරටු 2ක්, අද උදෑසන වසා දමා තිබෙනවා.
එමෙන්ම, දැදුරු ඔයේ වාන්දොරටු 8 ම තවදුරටත් විවෘතව පවතින බවටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.
මීට අමතරව, මල්වතුඔය, කලාඔය, මීඔය, මහඔය සහ අත්තනගලූඔයේ ජල මට්ටම් ද අද දිනයේදීත් වැසි ඇතිවුවහොත් ඉහළ යා හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ.
මේ අතර, කන්තලේ මොල්ලිපොතාන, යුනිට් 8 ප්‍රදේශයේදී අකුණුසැර වැදීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අප වාර්තාකරු සදහන් කළේ කුඹුරක වැඩකරමින් සිටියදී ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි.