Gossips

උඩවලව ජලාශයේ වාන්දොරටු විවෘත කර ඇතිවිට රථ වාහන ධාවනයෙන් වළකින්නැයි ඉල්ලීමක්

උඩවලව ජලාශයේ වාන්දොරටු විවෘත කර ඇති අවස්ථාවලදී එහි බැම්ම මතින් බර වාහන ධාවනය කිරීමෙන් වළකින ලෙස වැඩබලන ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.
පවතින වර්ෂාපතනය හේතුවෙන් පසුගියදා උඩවලව ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත කළ අතර, වාන්දොරටු සවි කර ඇති බැම්මෙහි කුඩා ඉරිතැලීම් කිහිපයක් දක්නට ලැබුණා.
අද (18) එය නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය රංජිත් සියඹලාපිටිය එම ස්ථානයට පැමිණි අතර, එහිදී අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.