Gossips

උඩවලව ජලාශයේ වාන්දොරටුවක් යළි විවෘත කෙරේ

අධික වර්ෂාවත් සමග උඩවලව ජලාශයේ වාන්දොරටු 5 න් එක් වාන්දොරටුවක් යළි විවෘත කර තිබෙනවා.
ඇඹිලිපිටිය මහවැලි අධිකාරියේ කාර්යභාර ඉංජිනේරු සුජීව ගුණසේකර සදහන් කළේ ඉන් තත්ත්පරයට ඝණ අඩි 2300 ක් වළවේ ගගට මුදා හැරෙන බවයි.
මේ හේතුවෙන් ඉස්පිල් ඇළ හරහා ගමන් කරන වළවේ ගග, කොවුල් ආර, මිනිමුතුගම, සෙවණගල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවගේ ගමනාගමන කටයුතු අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.