Gossips

උඩවලවේ සිට මාදුරු ඔයට ගිය අලි 9 දෙනා (ඡායාරූප)

උඩවලව ඇත් ඇතුරු සෙවණේ හැදුනු අලි පැටව් 9 දෙනෙකු මාදුරු ඔය ජාතික වනෝද්‍යානයට මුදා හැරීම අද (30) මාදුරු ඔය වනජීවි උද්‍යානයේදි සිදුකෙරුණා.
මෙලෙස මුදා හැරුණේ වසර 4 ක් පමණ උඩවලව ඇත් අතුරු සෙවණේ හැදුනු පිරිමි අලිපැටව් 5 දෙනෙක් සහ ගැහැනු අලි පැටව් සිව්දෙනෙක්.
අද දින මුදාහරින ලද අලි පැටවුන්ගේ බෙල්ලේ විශේෂ කරපටියක් සවිකර තිබෙන අතර මේ මඟින් ඉදිරියේදී ඔවුන් සංක්‍රමණය වෙන දිසාව හදුනාගැනීමට පහසු වන බවයි උඩවලව ඇත් අතුරු සෙවණ භාර ප්‍රධාන පශු වෛද්‍ය විජිත පෙරේරා අප සමඟ කියා සිටියේ.
එමෙන්ම වනයට මුදා හරින ලද මෙම අලින් පිලිබඳව මාස කීපයක් යනතුරු පසු විපරම් කිරිමට ද කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

(ඡායාරූප – අම්පාර වසන්ත චන්ද්‍රපාල)