Gossips

උඩවලවේ වාන් දොරටුවකුත් විවෘත කරයි

දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි පැය කිහිපය තුළ ද තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, වයඹ පළාත්වල මෙන්ම අම්පාර, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට තවදුරටත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි බලාපොරොත්තු වන බවයි.
මේ අතර, අධික වැසි හේතුවෙන් උඩවලව ජලාශයේ ද එක් වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා.
ඒ පිළිබදව අවධානයෙන් කටයුතු කරන ලෙසයි ආපදා කළමනාකර මධ්‍යස්ථානය උඩවලව ජලාශය අවට පහත්බිම් වල ජීවත් වන ජනතාවගෙන් ඉල්ලා සිටියේ.