නාවලපිටිය මෙහෙයුම් කොට්ඨාශයේ දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ කාර්ය මණ්ඩලය ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කළ හදිසි වර්ජනය මේ වනවිට තාවකාලිකව අවසන් කර තිබෙනවා. 
ඒ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලබාදුන් සාකච්ඡාවක් හේතුවෙන්.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ අද පෙරවරු 9 ට එය පැවැත්වෙන බවයි. 
වටගොඩ දුම්රිය ස්ථානයේ සේවකයෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමේ සිද්ධියක් මුල්කරගෙනයි මෙම හදිසි වර්ජනය ආරම්භ කර තිබුණේ. 
ඒ හේතුවෙන් රඹුක්කනින් ඉහළ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු වලට දැඩි බාධා එල්ල වුණා. 



