උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මෙතෙක් යථා තත්ත්වයට පත් කර නැහැ.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද පස්වරුව වනවිට එහි කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවයි.
පේරාදෙණිය දුම්රිය ස්ථානය අසළදී ඊයේ රාත්‍රියේ දුම්රියක් පීලපැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වුණා.
