Gossips

උඩරට මාර්ගයේ දුම්රිය ගමනා ගමනය යථාතත්වයට

සේවා දුම්රියක් පිලි පැනිමෙන් ඇණහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වනවිට යථාතත්වයට පත්කර තිබෙනවා.
ඇල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දොඹකරය සහිත සේවා දුම්රියක් නානුඔය සහ රදැල්ල යන දුම්ර්ය ස්ථාන දෙක අතර 15 වෙනි සැතපුම් කණුව අසලදි අද (21) උදෑසන පීලි පැනීමකට ලක්වුණා.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු පැය 06කට ආසන්න කාලයක් ඇණ හිට තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රිය දෙක නානුඔය දුම්රිය ස්ථානයෙත්, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය සහ මහනුවර සිට ඇල්ල දක්වා ධාවනය වූ විශේෂ දුම්රිය දෙක හැටන් සහ තලවකැලේ දුම්රිය ස්ථානවල නතරකර තබන්නට සිදුවුණා.