Gossips

උඩරට දුම්රිය මාර්ගය අසළ රක්ෂිතයක ගින්නක්

උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර රක්ෂිතයක ගින්නක් හට ගෙන තිබෙනවා.
වටවල වතු යායට අයත් ඉඩමක අද දහවල් මෙම ගින්න හට ගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
ප්‍රදේශයට බලපා ඇති වියළි කාලගුණයත් සමඟ ගින්න පැතිරයාමේ වැඩි අවදානමක් පවතින අතර එසේ වුවහොත්, රක්ෂිතය ආසන්නයේ ඇති ෆයිනස් වගාවට ද බලපෑම් එල්ල විය හැකි බවයි වාර්තා වන්නේ.