Gossips

උඩරට දුම්රිය මාර්ගයේ හට ගත් ගින්නකින් අක්කර 10ක් විනාශයි

උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයට ඉහලින් රොසැල්ල රක්ෂිතයේ ඊයේ (18) පස්වරුවේ හට ගත් ගින්නකින් අක්කර 10 පමණ රක්ෂිතයේ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව වටවල පොලිසිය පවසනවා.
ඊයේ (18) පස්වරු 2 ට පමණ දුම්රිය මාර්ගයට ඉහලින් හට ගත් ගින්න රක්ෂිතයේ කදු මුදුණ දක්වා පැතිර ගොස් අද (19) අලුයම වන විට එම ගින්න නිවි ගොස් තිබෙනවා.
උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා කිසියම් කෙනෙක් ඉලුක් සහිත රොසැල්ල රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.
රොසැල්ල රක්ෂිතයේ සිට ජල මුලාශ කිහිපයක් පහලට ගලා බසිනා අතර එම ජලය හරස් කර ගනිමින් උඩරට දුම්රිය මාර්ගයට පහලින් රොසැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පානිය ජලය ලබා ගනි.
ගිනි තැබිම හේතුවෙන් එම ජල මුලාශද සිදි යාමේ අවධානමකට ලක් වි ඇති බවයි රොසැල්ල ප්‍රදේශවාසින් පවසන්නේ.