Gossips

උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

කඩිගමුව සහ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර උමං මාර්ගයකදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා මතුව තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද දහවල් 12.40ට කොළඹ කොටුවේ සිට හැටන් බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රිය මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි.
දුම්රිය අලූත්වැඩියා කිරීම සඳහා මහනුවර දුම්රිය ස්ථානයෙන් නිලධාරීන් කණ්ඩායමක් කැදවා ඇති බව ද පාලක මැදිරිය ප්‍රකාශ කළා.