Gossips

උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

ඇල්ල සහ බණ්ඩාරවෙල අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ගමන් කරමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය හීල්ඔය දුම්රිය ස්ථානයේ ද, කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ ද නතර කර තිබෙනවා.
කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ වනවිට මාර්ගයට වැටී ඇති පස් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.