හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමෙන් ඇණහිට තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක නැරඹුම් මැදිරියක් ඊයේ පස්වරුවේ මෙලෙස පීලිපැනීමට ලක්වුණා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ මෙම දුම්රිය පීලිපැනීම යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය සේවකයින්ට හැකියාව ලැබුණු බවයි.
