Gossips

උගුරේ කුරුමිණියෙකු සිරවීමෙන් මාස 11ක දරුවෙකු මිය යයි

කුරුමිණියෙකු උගුරේ සිරවීමෙන් මියගිය මාස 11ක් වයසැති දරුවෙකු පිළිබඳ පුවතක් බියගම ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
නෙත් මානයේ තබාගෙන දරුවන් රැක බලා ගත්තත්, එයත් දරුවන් වෙනුවෙන් ප්‍රමාණවත් නොවන බව මෙම පුවත යළි යළිත් තහවුරු කරනවා.
මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ බියගම පදිංචි සස්මිත පෙරේරා, පුංචි පුතුයි.
මාස 11ක් වන දරුවාට මරණය කැදවාගෙන ආවේ කුරුමිණියෙක්.
මිනිත්තු කිහිපයක් ඇතුළත කිරිබත්ගොඩ මූලික රෝහලට දරුවා රැගෙන ගියත් ඒ අවස්ථාව වනවිටත් දරුවා මියගොස් සිටි බව සස්මිතගේ පියා ප්‍රකාශ කළා.
දරුවන් වෙනුවෙන් වූ අවදානය නිමේෂයකටවත් බැහැර කළ නොහැකි වන බවට මෙය තවත් උදාහරණයක් නොවේද?