Gossips

උග්‍ර විෂ සහිත පලිබෝධ නාශක භාවිතයේ අඩුවක්

2002 වසරෙන් පසු මෙරට තුළ සුළු විෂ සහ මද විෂ සහිත පලිබෝධ නාශක භාවිතය ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, සාමාන්‍ය විෂ සහ උග්‍ර විෂ සහිත පලිබෝධ නාශක භාවිතයේ පහළ යාමක් එම කාලය තුළ සිදුව ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ.
2002 වර්ෂයේ උග්‍ර විෂ සහිත පලිබෝධ නාශක වර්ග 40 ක් භාවිතා කර තිබූ අතර, එය මේ වනවිට එකක් දක්වා අඩු වී තිබෙනවා.
2002 වසරේදී සාමාන්‍ය විෂ සහිත පලිබෝධ නාශක 187 ක් ලියාපදිංචි කර ඇති අතර, 2016 වසර වනවිට එය 133 දක්වා පහළ බැස ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.
2002 වසරේදී සුළු විෂ සහිත පලිබෝධනාශක වර්ග 88ක් සහ මඳ විෂ සහිත පලිබෝධනාශක 115ක් මෙරට තුළ භාවිතා කර තිබුණා.
කෙසේ වෙතත්, පිළිවෙලින් එම සංඛ්‍යාව 168 සහ 162 දක්වා මේ වනවිට ඉහළ ගොස් ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියා සිටියේ.