Gossips

උගත්කම, විනයගරුකබව ආදී ගුණාංගයන් නොමැති අය දේශපාලනඥයින් නොවේ – ජනපති

උගත්කම, විනයගරුකබව ආදී ගුණාංගයන් නොමැතිව දේශපාලනය කරන්නන්, දේශපාලනඥයින් ලෙස හැඳින්විය නොහැකි බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
අද පෙරවරුවේ කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළකළා.
විද්‍යාත්මක පර්යේෂණ සඳහා විද්‍යාඥයින්, පර්යේෂකයින් සහ තාක්ෂණඥයින් දිරිගැන්වීමේ අරමුණින් පැවැත්වෙන, විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ කොළඹදීයි.
ජනපති
– ගල් යුගයේ සිට අද අධිතාක්ෂණික යුගය දක්වා පැමිණීමට ඉවහල් වූ ප්‍රධාන අංශ තමයි මේ විද්‍යාව, තාක්ෂණය, ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ කියන එක කවුරුත් දන්නවා. අපේ රටේ සංවර්ධනය සඳහා ඉතාමත් වැදගත්ම කොටස විදියට සලකන්නේ මා විද්‍යාඥයින්, පර්යේෂකයින්, තාක්ෂණඥයින්. මම දැක්කා වාර්ෂිකව පර්යේෂණ සඳහා වෙන් කරන අයවැය ප්‍රමාණය මම හිතන්නේ ඉතාමත්ම ප්‍රමාණවත් මදි. ඒ නිසා භාණ්ඩාගාරයට මා උපදෙස් දෙනවා ප්‍රධාන වශයෙන් පර්යේෂණ සඳහා වෙන් කරන මුදල් මීට වඩා වැඩි කිරිම ඉතාමත් අත්‍යවශ්‍ය බවයි. දේශපාලනඥයින් සහ විද්‍යාඥයින් අතරේ තිබෙන්නා වූ වෙනස මේ කාලය තුළ පැහැදිළිව දකිනවා. විද්‍යාඥයින්ගේ තිබෙන තැන්පත්කම, උගත්කම, බුද්ධිය, සදාචාරාත්මකබව, විනයගරුකබව, මානුෂියත්වය, විද්‍යාඥයාගේ ඒ චරිත ලක්ෂණ තුළ අපිට දකින්නට පුළුවන්. දේශපාලනය කරන හැම කෙනෙක්ම දේශපාලනඥයා යන්නෙන් අදහස් කළත්, එයින් බැහැර වූ දේශපාලනය කරන්නන් දේශපාලනඥයින් විදියට හැඳින්විය නොහැකියි කියා මා විශ්වාස කරනවා.