Gossips

උකුවෙල ප්‍රාදේශීය සභාවේ මුල් පුටුව සන්ධානයට

පොදුජන පෙරමුණට බලය හිමි වූ මාතලේ – උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඊ.ඩබ්ලිව්.එම්. චේතියරත්න තේරී පත්වී තිබෙනවා.
අද (03) පෙරවරුවේ පැවති රහස් ඡන්දයකින් ඔහුට සහ පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ සමන්ත ධර්මසේනට සම තත්ත්වයෙන් ඡන්ද 12 බැඟින් හිමි වුණා.
පසුව සභාපතිවරයා තේරී පත් කිරීම සඳහා සිදුකළ කුසපත් ඇදීමේදීයි ඊ.ඩබ්ලිව්.එම්. චේතියරත්න ඒ සඳහා තේරී පත්වී ඇත්තේ.
උප සභාපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ එච්. නිසාර් තේරී පත්වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
පසුගිය දා පැවැති මැතිවරණයෙන් උකුවෙල ප්‍රාදේශීය සභාවේ ආසන 11ක් පොදුජන පෙරමුණට හිමි වූ අතර, එක්සත් ජාතික පක්ෂයට ආසන 09ක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 03ක් හිමි වුණා.
මේ අතර, මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ ලලිත් ජයවර්ධන තේරි පත්වී තිබෙනවා.
අද පෙරවරුවේ පැවැති මෙම විවෘත ඡන්දයකින් මොහු තේරි පත්වී ඇති අතර, පසුගිය මැතිවරණයෙන් ප්‍රාදේශිය සභාවේ බලය හිමි වුයේද ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණටයි.