Gossips

ඊ – හෙල්ත් කාඩ්පත හෙට සිට

නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපායන් මෙරට ජනතාවට හඳුන්වාදීමේ අරමුණින් ඊ – හෙල්ත් කාඩ්පත හඳුන්වාදීම හෙට සිදුකිරීමට නියමිතයි.
මෙම කාඩ්පතෙහි කිසියම් රෝගියෙකුගේ සියලූම වෛද්‍ය වාර්තා දත්ත ගබඩා කර ඇති අතර, රෝගියා රෝහල වෙත සිහිසුන්ව ඇතුළත් කළ ද කාඩ්පත භාවිත කරමින් ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
විදේශීය ආධාර යටතේ හඳුන්වා දෙන ඊ – හෙල්ත් කාඩ්පත පළමු අදියරේදී රෝහල් 200 කින් නිකුත් කෙරෙනු ඇති.rn