Gossips

ඊ.ටී.අයි. වංචා ගැන පාර්ලිමේන්තුවේදී තොරතුරු රැසක් හෙළිවේ

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ප්‍රධානීන්ගේ දේපල පවරාගෙන හෝ ඊ.ටී.අයි. ආයතනයේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන්ට සාධාරණයක් ඉටු කිරීමට රජය පියවර ගත යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, මූල්‍ය ආයතන කඩා වැටීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කල්තැබීමේ විවාදයට එක්වෙමින්.
එහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ නිසි කළමනාකරණයක් නොමැතිවීම සහ ප්‍රධානීන්ගේ අක්‍රමිකතා මූල්‍ය ආයතන කඩා වැටීමට හේතුවී ඇති බවයි.