Gossips

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් විරෝධතාවයක

ඊ.ටී.අයි. මූල්‍ය ආයතනය සතු දේපල මිලදී ගත් බව කියන බොරැල්ල – කොටා පාරෙහි පිහිටි බෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ඉදිරිපිට මේ වනවිට උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා.
එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ ඊ.ටී.අයි. තැන්පත්කරුවන් එම ආයතන තුළට පිවිසීමට උත්සාහ කිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හට ගෙන ඇති බවයි.
එම ආයතනයේ නිලධාරින් සමඟ සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ඔවුන් අද උදෑසන එම ස්ථානයට විරෝධතාවයක නිරත වුණා.