Gossips

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවක

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත්කරුවන් අද (05) පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවක නිරතවුණා.
ඒ, සිය තැන්පත් මුදල් ලබාදෙන ලෙස ඉල්ලමින්.
රුපියල් බිලියන ගණනක් එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ තැන්පත් කළ පිරිස් අවස්ථා ගණනාවකදී වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලයට පැමිණ තම මුදල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.
විමසන සෑම අවස්ථාවකම මුදල් නැවත ලබාදෙන බවට ආයතනයේ බලධාරීන් විසින් විවිධ දින වකවානු ප්‍රකාශ කළද කිසිදු මුදලක් තැන්පත්කරුවන්ට ලබාදීමට මෙතෙක් ඔවුන් සමත්වූයේ නැහැ.
අද දිනයේද තැන්පත්කරුවන් නැවත ප්‍රධාන කාර්යාලයට පැමිණියේ සිය තැන්පතු ලබාගැනීමේ අපේක්ෂාවෙන්.
උද්ඝෝෂණය පැවති ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ සුනිල් හඳුන්නෙත්තිද පැමිණියා.
එහිදී ඔවුන් කියා සිටියේ මෙම ගැටළුවේදී ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ පෙනී සිටින බවයි.